මැජික් එක වැරදී යකඩ උලක් ඇනෙයි Video

සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර නිවේදිකාවකට මුහුණ දීමට සිදු වූ වේදනාබර සිදුවීමක් පිළිබඳව පෝලන්තයෙන් වාර්තා වනවා.

ඒ එම රූපවාහිනී වැඩසටහනට සහභාගීවීමට පැමිණි මැජික් ශිල්පියෙකුගේ මැජික් අංගයක් වැරදී යාම හේතුවෙන්.

කඩදාසි බෑග 4ක් අතට ගන්නා මෙම මැජික් ශිල්පියා ඉන් එක් බෑගයකට යකඩ උලක් ඇතුළු කරනවා.

කුසල්ට වන්දි දීමට ICC අනුමැතිය

ICC agrees to compensate Kusal Perera
තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්ව ඉන් නිදහස් වූශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට අයි.සී.සීය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පෙරේදා (02දා) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒකඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මත වී තිබේ.

මහ බැංකු අධිපති පත්වෙයි

නව මහ බැංකු අධිපතිවරයා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පත්වීම් ලිපිය මීට ස්වල්ව වේලාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ මහතා වෙත භාරදී තිබේ.

කුමාරස්වාමි මහතා මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ඇති අතර ඔහු ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයෙකු ද වේ.

විකිරණ පරීක්ෂණයෙන් රෝගියා මරුට

කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක සුදුසුකම් නොමැති පුද්ගලයෙකු විසින් රෝගියෙකු විකිරණ පරීක්ෂණයට ලක් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය නිසි පරිදි පිළි නොපැදීම හේතුවෙන් රෝගියා මිය ගොස් ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණාවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 

විකිරණ පරීක්ෂණයට රෝගියා ලක් කිරීමට පෙර Contrast Media නමැති ද්‍රව්‍ය පානය කිරීමට දිය යුතු අතර මෙම රෝගියාට එසේ පානය කිරීමට ලබාදුන් ඖෂධය පිට උගුරේ යාම හේතුවෙන් රෝගියා මිය ගොස් ඇතැයි සංගමයේ ‍ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.

ඇමතිධුරය දරන්න ලැජ්ජ ඇමති

ඇතැම් දේශපාලඥයින්ගේ ක‍්‍රියා කලාප හේතුවෙන් ඇමතිධුර දැරීම පවා අපහසු වි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ ඊයේ මාතරදි පැවති ජනහමුවකදි.

පටු දේශපාලන පොරොන්දු හේතුවෙන් රටේ ආර්ථිකය දුර්වල වි ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළා.