මහ බැංකු අධිපති පත්වෙයි

නව මහ බැංකු අධිපතිවරයා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පත්වීම් ලිපිය මීට ස්වල්ව වේලාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ මහතා වෙත භාරදී තිබේ.

කුමාරස්වාමි මහතා මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ඇති අතර ඔහු ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයෙකු ද වේ.

මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කෙරුණි.