තරුණයෙකුට බරපතල තුවා සිදුකරමින් පසුගිය පෙබරවාරි මස 28දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පවතින නඩුවේ සැකකරුවෙකු ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නම් කිරීමට කිසිඳු සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29දා) ප්‍රකාශයට පත්කළ නියෝගය මගින් පෙන්වා දුන්නේය.
පාඨලී චම්පික අමාත්‍යවරයා එම නඩුවේ සැකකරුවෙකු කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ණුවන් ගුණවර්ධන මහතා පසුගිය නඩුදිනයේදී අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම බව පෙන්වා දුන්නේය.




