විජිතමුණිටත් විරෝධය

ඇමති විජිත් විජේමුණි සොයිසා මහතාගේ ප‍්‍රධානත්වයෙන් රිදී මාලියද්දේ පැවති හමුවකදී උණුසුම් තත්වයක් ඇති විය.

හමුව පැවතුනේ මොරාන ජල ව්‍යාපෘතිය නිසා දේපල අහිමි වන ජනතාවට වන්දි ගෙවීමේදී ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් ලබා දිම සඳහායි.

තමනට ප‍්‍රමාණවත් වන්දියක් හිමි නොවන බව පැවසූ ජනතාව කියා සිටියේ තමන් සිය දිවා නසා ගන්නා බවයි. තවත් පිරිස් කියා සිටියේ මරා දැමුවද තම ඉඩම් හැර නොවන බවයි.

කිෂානිගේ සාරි කඩේ

රංගන ක්ෂේත්‍රය තුළ වර්තමානයේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියන් අතරේ කිෂානි අලංකිට හිමිවන්නේ සුවිශේෂි තැනක්.

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා සඳහා සිය රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, මේ වනවිට රසික ආදරය නොමඳව දිනාගෙන ඇත්තේ ටෙලි හා සිනමා නිළියක ලෙසිනි. කිෂානි පසුගියදා තමාගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කටයුතු කර තිබුණ අතර, ඇය ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්විය.

ලිංගික අපරාධ CCTV වීඩියෝව මාධ්‍යයට

මහමග ගමන් කරමින් සිටි කාන්තාවක් පිටුපස පැමිණි පුද්ගලයෙකු එම කාන්තාව දූෂණය කිරීමට තැත් කළ ආකාරය දැක්වෙන ත්‍රාසජනක වීඩියෝ දර්ශන පෙළක් CCTV ආරක්ෂිත කැමරා පද්ධතියකට හසු වී තිබෙනවා.

පසුගිය ඉරිදා ඇය මෙම අත්දැකීමට මුහුණ දී ඇත්තේ අළුයම 3.50ට පමණ බව යි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව 34 වැනි වියෙහි පසුවන්නියක්වන අතර ඇයව දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයා ඇය පසුපසින් පැමිණ එකවරම ඇයව ග්‍රහණය කරගන්නා අයුරු CCTV වීඩියෝවේ දැක්වෙනවා.

පවිත්‍රාට උසාවියෙන් දැඩි අවවාද

ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 20ක මුදල් වංචාවක් සිදුවූ බව කියන නඩුවක පැමිණිලිකාරිය ලෙස අධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද(28) තරයේ අවවාද කළාය.

අධිකරණ කටයුතු යන අවස්ථාවේ මන්ත්‍රීවරිය ඇගේ නීතීඥවරයාට ඇගිල්ලෙන් ඇන විටින් විට උපදෙස් දීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය එලෙස අවවාද කර තිබේ.

රෝසි පාර්ලිමේන්තුවට?

rosy
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මහ බැංකු අධිපති ධූරයට පත්කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවට ඉරාන් වික්‍රමරත්න මහතා පත්කළහොත් කොළඹ දිස්ත්‍රීක්කයෙන් මහ මැතිවරණයට තරඟවැදුණු රෝසි සේනානායක මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

ඇය දැනට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල නියෝජ්‍ය ප්‍ර‍ධානී තනතුර හොබවනවා.