ආහාර රෝලයක් තුල බීඩියක්!

bidi
කාත්තාන්කුඩි ප්‍රධාන වීදියේ බස් නැවතුම්පොළ ඉදිරියේ ඇති හෝටලයක උදේ කෑමට ගන්නා ලද ආහාර රෝලයක් තුල පත්තු කරන ලද බීඩියක් හමුවී ඇත.

ආහාරය ගත් පුද්ගලයා පොදු සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ලබා දුන් තොරතුරට අනුව එම ස්තානයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අදාල ආහාර සැලට සීල් තබා වසා ඇති බවට පොදු සෞඛ්‍ය පරීක්ෂක එම්.රහ්මතුල්ලාහ් පැවසීය.

ඥානසාර හිමිට එරෙහිව පැමිණිලි

Muslim Council want action against BBS leader
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මුස්ලිම් ජාතීන්ට එරෙහිව වෛරීය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ‍පොලිස්පතිවරයාට ලිපියක් මගින් පැමිණිලි කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් ගේ අත්සනින් යුතුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ ඉකුත් ජූනි 25 වන දින මහියංගණය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඥානසාර හිමියන් විසින් මෙලෙස වෛරීය ප්‍රකාශ සිදුකර ඇති බවයි.

විදුලිය අලුත් ක්‍රමයකට

electricity peak off peak times
ලබන ඔක්තෝබර් මාසයේ සිට විදුලිය පරිභෝජනය කරන කාලය අනුව නව ගාස්තු අය කරන ක‍්‍රමයක් හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරමින් පවතී. මෙය තම කැමැත්ත මත පාරිභෝගිකයින්ට තෝරාගත හැකිය.

මෙම ක‍්‍රමයේදී පෙරවරු 5.30 සිට රාත‍්‍රී 10.30 දක්වාද, රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්වාද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාල කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර රාත‍්‍රී 10.30 සිට පෙරවරු 5.30 දක්වා කාලයේදී පාවිච්චි කරන විදුලිය සඳහා අය කෙරෙන ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා සියයට 40 කින් පමණ අඩු වනු ඇත.

සමාධිටත් මංගල සීනු

ජනප‍්‍රිය රංගන ශිල්පිනියක වන සමාධි සුලක්ෂණා හොර රහසේම විවාහ වෙන්නට සූදානම් වෙනවලූ.

මේ දවස්වල ඒ වෙනුවෙන් බරටම වැඩ කියලා තමයි අපට නම් ආරංචිය. කතාවෙ හැටියට නම් මේ මාසයේ අග දි මංගල්‍යය ගන්නටලූ සූදානම. 

මනාලයා කවුද කියලා නම් දැන්ම කියන්න බැහැයිලූ. ඒත් ඇය සේවය කරන ආයතනයේම ඉන්න කෙනෙක්ලූ ඇගේ අත ගන්නෙ කියලා නම් අපට දැනගන්න ලැබුණා. කොහොම වුණත් ඒ කවුද කියලා සමාධිගෙන් අහලම කියන්නම්, හොඳේ.

D.V උපුල්ට ඇප

හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශයේ ඉඩම් ආරවුලකට අදාළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (25) පෙරවරුවේ දකුණු පළාත් සභා ධීවර අමාත්‍ය ඩී.වී. උපුල් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව, ඔහු අම්බලංතොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබුවා.