රෝහිත පෙම්වතිය එක්ක දන්සැලේ
මේ දිනවල ජපාන සංචාරයක නිරත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පොසොන් පෝය ලබද්දීත් ජපානයේ සිටි අතර ලංකාවේ සිටි රෝහිත බාල පුතා ඔහුගේ පෙම්වතිය සමග ඊයේ කොළඹ අවට දන්සැල් වෙත ගොස් රාත‍්‍රී ආහාරයද දන්සැල් වලින්ම ලබාගෙන තිබුණා.‘චීචී’ ‘රොකට් රෝහිත’ ආදි විවිධ නම් වලින් හැඳින්වෙන
රෝහිත රාජපක්ෂගේ උපන්දිනයද පසුගිය සතියේ යෙදී තිබුණ අතර එදින ඔහු එය චාමෙට සමරා තිබුනේ පෙම්වතිය මව හා නාමල් සොයුරාද සමග කේක් ගෙඩියක් කපමිනි.
ඊයේ දන්සැල වෙත රෝහිත හා පෙම්වතිය ගිය අවස්ථාවේ ඡායාරෑපයක් පහතින්
බස් ගාස්තු ඉහලට
එන පළමු වැනිදා සිට බස් ගාස්තු ඉහල නැංවීමට රජය තීරණය කර තිබේ.මෙම තිරණය ගෙන ඇත්තේ ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික ගමනාගමන කොමිසන් සභා නිලධාරීන් සහ බස් සංගම් නියෝජිතයන් අතර අද පෙරවරුවේ පැවති සාකච්චාවකින් පසුවයි.
ඒ අනුව තීරණය වී ඇත්තේ එන පළමුවැනිදා සිට බස් ගාස්තුව 3.2%කින් ඉහල දැමීමටයි.
උඩුවේ හිමිට ඇප
නීතිවිරෝධි ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි වෙත අධිචෝදනා භාරදී තිබේ.මිට පෙර නිකුත් වූ නොතීසියකට අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද (20) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කළේය.
බැසිල් බල්ලෝ නාවපු හැටි
බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ඔහුගේ වටිනා සුනඛයන් දෙදෙනාට සත්කාර කිරීම සඳහා නාවික හමුදාවේ සෙබළුන් හය දෙනකු යොදවා තිබුණු බව වාර්තා වෙයි.‘සුනඛ සංචිතය’ නමින් හැඳින්වුණු මේ නාවික සෙබළුන් කණ්ඩායමට සුනඛයන් බලාගැනීම, නෑවීම, ඇඟ පීරීම, බෙහෙත් ලබාදීම, ආහාර ලබාදීම, අණට කීකරු වීමට පුරුදු කිරීම යන රාජකාරි පැවරී ඇත.
