කුකුළු මස් 1,500ක් බිත්තරයක් 45ක් වෙයි


සත්ත්ව ආහාරවල පවතින හිඟය සහ මිල ඉහළ යෑම හේතුවෙන් එළැඹෙන අගෝස්තු මාසය වන විට කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන බව පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මාගමගේ   පැවැසීය. ඒ අනුව කුකුළු මස් කිලෝවක මිල රුපියල් එක්දහස් පන්සියය දක්වාද, බිත්තරයක මිල රුපියල් හතළිස් පහ දක්වා වැඩි වන බව සභාපතිවරයා සඳහන් කළේය.

සත්ත්ව ආහාර මිල සහ සතුන්ට අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා කුකුළු  ගොවිපළවල් පාලනය කරන පිරිස් එම කර්මාන්තයෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම මිල ගණන් ඉහළ යෑම පාලනය කිරීමට වසර එකහමාරක පමණ කාලයක්වත් ගතවනු ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.