ගෑස් 2185කින් නඟී


ලිට්රෝ ගෑස් මිල ඊයේ (26දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4860ක් දක්වා රු.2185කින්ද කිලෝග්‍රෑම් 5 රුපියල් 1945ක්ද කිලෝග්‍රෑම් 2.3 රුපියල් 910ක් ලෙසද මෙසේ මිල ඉහළ ගොස්  ඇත. මේ අතර, ගෑස් මිල වැඩි නොකළහොත් අඛණ්ඩ ගෑස් සැපයුම සඳහා රැගෙන ඒමට නියමිත ගෑස් නැව් සඳහා ගෙවීමට ප්‍රමාණවත් මුදල් නොමැති බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පැවසීය.

ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිත ගෑස් නැව් දෙක සඳහා පමණක් ප්‍රමාණවත් මුදල් පවතින බවද විජිත හේරත් මහතා කීය. ‘’ඇත්ත’’ මාධ්‍ය සාකච්ඡාව සඳහා ඊයේ (26දා) එක් වෙමින් විජිත හේරත් මහතා මෙසේ පැවසීය. එමෙන්ම ඕමාන් ට්‍රේඩින් සමාගම සමඟ අස්සන් කර තිබූ ගිවිසුම් කාලය අවසන් වී ඇති බවත්, නව සමාගමක් සමඟ මේ වනවිටත් ගිවිසුම් ගත වීමට කටයුතු යොදා ඇති බවත්, සභාපතිවරයා සඳහන් කළේය.

ලිට්රෝ් ගෑස් සමාගම මේ වනවිට රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා ඇති බවද විජිත හේරත් මහතා පැවසීය.ලෝක බැංකුවෙන් මසකට රුපියල් මිලියන 35ක පමණ මුදලක් සඳහා ණයවර ලිපි විවෘත උදවු කිරීමට ඉදිරිපත් වූ බවත්, ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා අවධානය යොමු කරන බවත්, සභාපතිවරයා සඳහන් කළේය.