වෘත්තීය සමිති 1000ක් හෙට (28) අරගල බිමේ


ජනතාවගේ හඬට කන් නොදී හිතුවක්කාරී පාලනයක් පවත්වාගෙනයාම සඳහා ගෝටාබය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව දරණ ප්‍රයත්නයට එරෙහිව වෘත්තීය සමිති 1000ක් හෙට (28) දිනයේදී අරගල බිමට එක්වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පැවසීය.

අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඔමු අවධාරණය කර සිටියේ ගෑස් පෝලිම් කිරිපිටි පෝලිම් තෙල් පෝලිම්වලින් නතර නොවී මේ වනවිට සබන් පෝලිම්ද ඇති වී වැඩ කරන ජනතාවට දරාගත නොහැකි ජීවන වියදමක් පවතින බවය. මෙම තත්වය තුළ ආණ්ඩුව පලවා හැරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් ජාතික මහා වැඩවර්ජනයක් පැවත්වීමට සූදානම් කර ඇති බව හෙලි කළේය.

රාජපක්ෂ පවුල් පාලකයන් මෙම හඬට කන් නොදෙන්නේනම් මැයි 06 වෙනිදා එක් දින මහා හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බවට අනතුරු අඟවීය.