සතියේ ලග්න පලාපල


මේෂ – බාධා මැද ප්‍රගතියක්
පවතින ග්‍රහ ගෝචරයන් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ කිරීමට සිදුවේ. හවුල් කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබුණද වියදම් පක්ෂය තරමක් ඉහළ යයි. ගෙදරදොර කටයුතු කරගෙන යෑමේදී ඉවසීමෙන්ද, බුද්ධිමත්වද කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද තරමක් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැකියි.
ජය වර්ණය – රතු, ජය අංකය – 09

වෘෂභ – සමපලයි
හවුල් කටයුතු, හවුල් වෙළෙඳාම්වලදී කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් උදාවිය හැක. මිල මුදල් ලැබුණද වියදම් ඉහළ යන නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. රැකීරක්ෂා කටයුතුවලටද සුළු වශයෙන් හෝ බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා බුද්ධිමත් විය යුතුයි. ගෙදරදොර කටයුතු සාමාන්‍යයි. එහෙත් වචන පාවිච්චි කිරීමේදී විමසිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු සාමාන්‍යයි. ඉගෙනීමේ යෙදී සිටින අයට පර්යේෂණ අංශවල යෙදී සිටින්නේ නම් යහපත්ය. සාමාජීය සහ ආගමික අංශවලට යොමුවී ක්‍රියා කරන අතර ඒ තුළ සහනයක්ද, සැලකිල්ලක්ද ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. වැටීම් තැළීම්, තුවාල පීඩාදියට ඉඩ පවතී.
ජය වර්ණය – නිල්,ජය අංකය – 06

මිථුන – ප්‍රමාදවීම්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී ද යම් යම් බාධා අවහිරතා ප්‍රමාදවීම්වලට ඉඩ පවතී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක බවක් පෙන්වයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙනදේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත් අන්දමට ඉටුවනු ඇත. ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් දියුණුවක් පෙන්වයි. ඉගෙනීමේ යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. අමුත්තන් හෝ ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන එනු ඇත. කෙසේද වුවත් ගමන් බිමන් අධිකයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. සෙම් පීඩා, උදරාශ්‍රිත රෝග බලපවත්වයි.
ජය වර්ණය – කොළ, ජය අංකය – 05

කටක – සමපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ඔබ බලා‍පොරොත්තු නොවූ පරිද බාධා ප්‍රමාදතාවන්ට මුහුණ පෑමට සිදුවිය හැකිය. බලා‍පොරොත්තු නොවූ පරිදි වියදම් පක්ෂය ඉහළ යාමක් පෙන්වයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද කල්පනාකාරී නොවුවහොත් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවනු ඇත. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට ලැබෙන අතරම ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු කිරීමටද අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග බලපෑ හැක.
ජය වර්ණය – ක්‍රීම් පාට, ජය අංකය – 02

සිංහ – ප්‍රමාදවීම්
කාර්යබහුලත්වය තුළ අත්‍යවශ්‍ය වැඩ කටයුතු කිහිපයක්ම අතපසු වීමේ ඉඩක්ද පවතී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක නොවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබදායකයි. ගෙදරදොර කටයුතු යහපත්වේ. සමගිය, සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. ඥාතිමිත්‍රාදීන් කිහිපදෙනකු ඔබ සොයාගෙන පැමිණෙනු ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියා කරනු ඇත. ගමන් බිමන් බහුල වේ. රාජකාරි ගමන් විශේෂයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ආගමික අංශයට නැඹුරුවීමක්ද පෙන්වයි.
ජය වර්ණය – රතු, ජය අංකය – 01

කන්‍යා – සමපලයි
යම් යම් බලා‍පොරොත්තු කිහිපයක් සඵල කරගැනීමට ඉඩ ලැබුණද ඔබ බලා‍පොරොත්තු වන තරමට සුබදායක තත්ත්වයක් උදා නොකරයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ආදායම් ලැබුණද වියදම් තරමක් අධිකයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට අලුත් විෂයන් ඉගෙනීමට ඉඩප්‍රස්ථාව ලැබේ. ආගමික උත්සව කිහිපයකට සහභාගි වේ. ඒ තුළ සහනයක්ද, සැනසීමක්ද ලබාගනී. ප්‍රියසම්භාෂණ කිහිපයකට සහභාගි වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. සාර්ථක ප්‍රතිඵලයක් උදාකරනු ඇත.
ජය වර්ණය – කොළ, ජය අංකය – 05

තුලා – බාධා සහිතයි
සැලසුම් සහගතව ක්‍රමානුකූලව ක්‍රියාකිරීමට සිටි කටයුතු කිහිපයක්ම අවුල් සහගත විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ගැටලු සහගත තත්ත්වයන් ඉස්මතු කළ හැක. බුද්ධිමත් වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට බාධා එල්ල විය හැකි නිසා උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. විදේශීය සම්බන්ධතා මත කරන වැඩකටයුතු කිහිපයක් සාර්ථක වේ.
ජය වර්ණය – නිල්, ජය අංකය – 06

වෘශ්චික – ශුභා’ ශුභ මිශ්‍රයි
මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක්දුරට කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී සුළු සුළු බාධා සහ අවහිරතා ඉස්මතු වුවද ඒවා මැඬපවත්වාගෙන ක්‍රියා කළ හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයන් හැදෑරීමට අවස්ථාව ලැබේ. ඥාතිමිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ.
ජය වර්ණය – රතු, ජය අංකය – 09

ධනු – බාධා ඇත
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී යම් යම් අවහිරතා, බාධා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමටද සිදුවේ. විමසිලිමත්වද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබදායක වේ. වාසි සහගත තත්ත්වයක්ද, ලාභ ප්‍රයෝජනද ලබයි. ගෙදරදොර කටයුතුද යහපත්ය. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුවක් පෙන්වයි. ඒ තුළින් සහනයක්ද, සැනසීමක්ද ලබනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය – රන්වන්, ජය අංකය – 03

මකර – ලාභ සහිතයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අලුත් සැලසුම් කිහිපයකට අනුව කටයුතු කිරීමට සිදුවේ. ඒ තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැක. ආර්ථික වශයෙන්ද මූල්‍යමය වශයෙන්ද යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උකහා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. ලාභප්‍රයෝජන අත්පත් වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික අංශයේ කටයුතුවලට මෙන්ම සමාජීය කටයුතුවලට යොමුවී ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ වියදමක්ද දරනු ඇත. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය – නිල්, ජය අංකය – 06

කුම්භ – සුබයි
හැම අතින්ම සතුටුදායක තත්ත්වයක් මෙම සතිය තුළ උදාකර ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක වේ. අන්‍යයන්ගේ සහයෝගය, ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගනී. මිල මුදල් ලැබිම අතින් ක්‍රමයෙන් ඉතාමත් සුබදායක වේ. දියුණුවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභප්‍රයෝජන ලැබේ.

මිල මුදල් කටයුතු යහපත්ය. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගියද සාමයද සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. සාර්ථක වේ. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වනු ඇත.
ජය වර්ණය – නිල්, ජය අංකය – 08

මීන – මිශ්‍රපලයි – වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් සාර්ථක දියුණුවක් ලබයි. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යයි. යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සුබයි. සාර්ථක ප්‍රතිඵල ලබයි. සමාජීය සහ ආගමික අංශයට නැඹුරු වීම තුළ සහනය, සැනසීම ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. අනතුරු ආදියට ඉඩ පවතින බැවිනි.
ජය වර්ණය – රන්වන්, ජය අංකය – 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල