ගීතා කුමාරසිංහ රෝහල් ගත කෙරේ

ප්‍රවීන රංගන ශිල්පිනී, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අද පෙරවරුවේ නිවසේ සිදු වූ හදීසි අනතුරකින් පිළිසුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නාවල නිවසේදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.


මේ අතර අනතුරින් ගීතා කුමාරසිංහ මහත්මියගේ දෑත්, දෙපා සහ උදරය ආශ්‍රිත ප්‍රදේශ පිළිස්සී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.