උදය ගම්මන්පිලට එරෙහිව අපහාස නඩුවක්

පදනම් විරහිත චෝදනා එල්ල කරමින් තමාගේ කීර්ති නාමයට අපහාස කරන්නන්ට දිය හැකි හොඳ ම පිළිතුර වන්නේ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂයේ ඇතැම් බංකොලොත් දේශපාලනඥයන් තමා ඉලක්ක කර ගනිමින් විවිධ අභූත චෝදනා එල්ල කරන බවයි.

රථ වාහන එකලස් කිරීමේ ආයතනයක් පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා තමා වෙත එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් අද (16) මුදල් අමාත්යාංඑශයේ පැවැති මාධ්‍ය හමුවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ වෘත්තීය පදනමක් සහිතව දේශපාලනය කරන තමන්ගේ අපේක්ෂාව රට වෙනුවෙන් සේවය කිරීම බවයි.

උදය ගම්මන්පිල මන්ත්රීේවරයා තමාට එරෙහිව සිදු කරන පදනම් විරහිත චෝදනාවන් සම්බන්ධයෙන් නීතිමය ක්රි යාමාර්ග ගන්නා බව ද අමාත්යනවරයා කියා සිටයේ ය.

මාධ්යය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්යා රවී කරුණානායක මහතා -

“රුපියල් බිලියන 1700 සිට රුපියල් බිලියන 9500ක් දක්වා රටේ ණය බර වැඩි කරපු පිරිස අද අපෙන් ප්ර ශ්න කරනවා මොනව ද රටට වෙලා තියෙන්නෙ කියල. අපි ඉතා වගකීමෙන් කියනව අපි ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනංවමින් ඉන්නවා කියල. එදා 10.2% තිබුණ ආර්ථිකය අපි 13.8% දක්වා වර්ධනය කළා. ණය වාරිකයවත් ගෙවා ගන්න බැරිව තිබුණ රාජ්යණ ආදායම අපි ඒ මට්ටමට රැගෙන ආව. එපමණක් නෙවෙයි මේ සියල්ල අතරේ සංවර්ධනය සඳහා අවශ්යම පියවර ගත්තා.

මේ වන විට මහා පරිමාණ සංවර්ධන ව්යා පෘති 48ක් අපි ආරම්භ කරල තියෙනවා. ජාත්යතන්තර මට්ටමෙන් ඍණාත්මක චිත්රියක් තිබුණ ශ්රීර ලංකාව අද ස්ථාවර රටක් බවට පත්ව තිබෙනවා. අමෙරිකාවේ ජනාධිපතිවරයා නව ආර්ථික ගමනක් ආරම්භ කරද්දි, බ්රිරතාන්ය්, යුරෝපා සංගමයෙන් ඉවත් වෙද්දි ශ්රීං ලංකාවත් යම් අර්බුදයකට ලක් වෙනවා. නමුත් අපේ තියෙන මූල්යප විනය නිසා හැකි වෙලා තියෙනවා ධනාත්මක චිත්ර්යක් සහිත, ස්ථාවර රටක් ගොඩනගන්න.
මහා ණය කන්දරාවක් සමග රටක් සංවර්ධනය කරනවා කියන එක ගැටලුවක්. ¬මේ කඩාවැටුණු ආර්ථිකය දවසකින් දෙකකින් ගොඩ ගන්න බැහැ. ඒකට කිසියම් කාල වකවානුවක් ගත වෙනවා. ඩාවෝස් හි පැවැති ලෝක ආර්ථික සමුළුවෙදි ස්වීට්සර්ලන්ත රජය ඉතා පැහැදිලිව පෙන්වා දුන්නා ශ්රීප ලංකාව ඉතා සාර්ථක ගමනක් යනව කියල.”

ජීවන වියදම සම්බන්ධයෙන් ද අමාත්ය වරයා මෙහි දී අදහස් පළ කළේ ය.

“ජීවන වියදම සම්බන්ධයෙන් බොහෝ පිරිස චෝදනා කරනවා. සහල් මිල සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා එය මේ වන විට සමනය වෙමින් පවතිනවා. 2015 ආණ්ඩුව භාර ගත්ත ගමන් ම අත්යාවවශ්යම භාණ්ඩ 25ක මිල, අපි අඩු කළා. ඒ භාණ්ඩ 25න් 23ක ම මිල ඒ මට්ටමේ ම පවතිනවා. ” යැයි ද අමාත්යපවරයා පැවැසීය.

2015 ජනවාරි මස 08 වැනි දිනට ආසන්න දින කීපය තුළ රුපියල් බිලියන 82ක මුදලක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව විවිධ ව්යා පෘති සඳහා යොදවා ඇති බවට කරුණු අනාවරණය කළ මුදල් අමාත්යැවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරමින් පවතින බව ද සඳහන් කළේ ය. වර්තමානයේ මූල්යප විනය සම්බන්ධයෙන් කතා කරන ඇතැමුන්ට එදා සිදු වූ මෙවැනි දූෂිත ක්රිනයා නොපෙනීම හාස්ය්යට කරුණක් බවයි අමාත්යිවරයා පැවසුවේ. මෙසේ රුපියල් බිලියන 82ක මුදල නීති විරෝධී ලෙස දේශපාලන හිතවත්කම් මත ව්යාපපෘති සඳහා යෙදවීමෙන් රජයට සිදුව ඇති පාඩුව දැරීමට සිදුව ඇත්තේ ද මේ රටේ ජනතාවට ම බව කියා සිටි රවී කරුණානායක මහතා, අද රජයට ණය ගෙවීමට සිදුව ඇත්තේ ද මෙවැනි අත්තනෝමතික ක්රිහයා පිළිවෙත් නිසා බව ද අවධාරණය කළේ ය.