ඔස්ටේ‍්‍රලියා - ලංකා විස්‌සේ සටන අද

ලසිත් මාලිංගගේ පැමිණීමත් සමග පන්දු යෑවීමේ අංශය ශක්‌තිමත් කර ගත් ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායම අද (17 දා) ඔස්‌ටේ්‍රලියාව සමග තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගයට සහභාගි වේ. මෙල්බන් නුවරදී ආරම්භ වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

වසරකට පසුව ජාත්‍යන්තර තරගයකට පිවිසෙන ලසිත් මාලිංග කෙරෙහි මෙම තරගයේදී වැඩි අවධානයක්‌ යොමුව තිබේ. ඔහු මෙම තරගයට පෙර ඔස්‌ටේ්‍රලියානු අගමැති කණ්‌ඩායම සමග පැවැති පුහුණු තරගයේදී යවන ලද පළමු පන්දු ඕවරයේදීම කඩුල්ලක්‌ ලබා ගනිමින් සුපුරුදු කඩුලු දඩයම ආරම්භ කිරීමට සමත් විය.

"මම පසුගිය කාලයේ හොඳින් පුහුණුවීම් කළා. මම දන්නවා ඔස්‌ටේ්‍රලියාවේදී පන්දු යවන්න ඕන විදිහ. මොකද ඔස්‌ටේ්‍රලියානුවන් කැමැතියි පන්දුව වේගයෙන් එනවට. අපි දැන ගන්න ඕන ඒකට ලෑස්‌ති වෙලා අවශ්‍ය විදිහට පන්දු යවන්න. මට කිසිම පීඩනයක්‌ නැහැ." යෑයි මාලිංග ඔස්‌ටේ්‍රලියානු සංචාරය පිටත්ව යැමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

දකුණු අප්‍රිකාවේදී ටෙස්‌ට්‌ තරගාවලිය (3-0) සහ එක්‌දින තරගාවලිය (5-0) පරාජය වූ ශ්‍රී ලංකාව එහිදී විස්‌සයි විස්‌ස තරගාවලිය (2-1) ජය ගැනීමත් සමග අද තරගයට ජයග්‍රාහී ප්‍රවේශයක්‌ සමගින් සහභාගි වේ. ඔවුන් ඔස්‌ටේ්‍රලියානු අගමැතිගේ කණ්‌ඩායම සමග පැවැති පුහුණු තරගයේදීද කඩුලු පහකින් ජයක්‌ වාර්තා කළ අතර එම තරගයේදී ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්‌වැල්ල සහ උපුල් තරංග කළ සාර්ථ පිති ප්‍රහාරය අද තරගයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණය අවශ්‍යම සාධකයක්‌ වී තිබේ.

ඔස්‌ටේ්‍රලියාව විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 114 ක්‌ ලබා පස්‌වැනි ස්‌ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 98 ක්‌ ලබා එහි අටවැනි ස්‌ථානයේ පසුවේ.

ඔස්‌ටේ්‍රලියාවෙන් වාර්තා වන අන්දමට මෙල්බන් තණතීරුවේදී ජයග්‍රහණය වෙනුවෙන් සටන් කිරීමට පළමුව පන්දුවට පහරද දෙන කණ්‌ඩායම ලකුණු 150 ක්‌ ලබා ගතහොත් ප්‍රමාණවත් බව සඳහන් කරයි. ශ්‍රී ලංකා පිතිකරු අංශයට වේගවත් පිතිකරුවන් කිහිප දෙනෙක්‌ම ඇතුළත් කර ඇති අතර ආරම්භක පිතිකරුවන්ට අමතරව ඩිල්ෂාන් මුණවීර, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, සීක්‌කුගේ ප්‍රසන්න ඒ අතර ඉදිරියෙන්ම පසුවේ.

පුහුණු තරගයේදී කඩුලු තුනක්‌ ලබාගත් වේග පන්දු යවන ක්‍රීඩක විකුම් සංජයට අද විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග වරම් ලැබීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේද ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම විවේක ගන්වා සිටින බැවින් ඒරොන් µsන්ච් විසින් කණ්‌ඩායම මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

උපුල් තරංග (නායක), නිරෝෂන් දික්‌වැල්ල, ඩිල්ෂාන් මුණවීර, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, සික්‌කුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, විකුම් සංජය, ඉසුරු උදාන, ලක්‍ෂාන් සඳකැන්, කුසල් මෙන්ඩිස්‌

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම

ඒරොන් µsන්ච්, මිචෙල් ලින්ගර්, බෙන් ඩන්ක්‌, ටේවිස්‌ හෙට්‌, මොයිසස්‌ හෙන්රික්‌ස්‌, ටීම් ජෙන්, ඇස්‌වන් ටියුනර්, ඡේම්ස්‌ ෙµdaක්‌නර්, පැට්‌ සිමන්ස්‌, ඇඩම් සම්පා, ඇන්ඩි්‍රට්‌ ටයි