කොළඹ පාසල් සිසු ගැටුමේ 10කට ඇප

කොළඹ ආනන්ද - නාලන්ද විදුහල් අතර ගැටුම හා කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 15 දෙනාගෙන් 10 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.


සිද්ධියට අදාළව මරදාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනෙකු පසුව රුපියල් 100000ක ශරීර ඇප මත මුදා හැරිණ.

ඔවුහු අද (16දා) නැවත අධිකරණයට කැඳවීමට නියමිතය.

මේ අතර බොරැල්ල පොලීසිය මගින් අත්අඩංගුට ගත් සිසුන් 05 දෙනා අද (16දා) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිත බව ද සදහන්.