දුමින්ද සිල්වා හොදටම ලෙඩවෙලා

වත්කම් හා බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් විභාග වන නඩු තුනකට අදාල ප‍්‍රකාශයන් ලබා ගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ සිරගෙදර සිට අද අධිකරණය වෙත ගෙන එනු ලැබුවේ ගිලන් රථයකිනි.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයට කියා සිටියේ විත්තිකරුට ගිලන්රියෙන් බැසීමට පවා අපහසු තරමට රෝගීව සිටින බවයි.

තත්වය සලකා බලමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් වාර්තාවක් දින 14ක් අතැලත් ඉදිරිප්ත කරන ලෙසයි.

නඩුව ජනවාරි 28 දිනට කල් දමනු ලැබීය.