සින්දු අහමින් එල්ලිලා මැරිලා

ප්‍රේමයට පිටුපෑවැයි ශෝකයට පත් තරුණයකු ගී අසමින් ගෙල වැලලාගෙන මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පුස්සැල්ලාව නිව් මෙල්ෆට් වතු යායේ පදිංචිව සිටි 22 හැවිරිදි සිවලිංගම් දිව්‍යරාජන් නමැති තරුණයාය.

මව, පියා හා අනෙකුත් සහෝදරයන් ඥාති නිවෙසකට ගොස් ඇති අතර මොහු පමණක් තනිව නිවෙසේ සිට ඇත.

පසුදා උදෑසන පියා ඇතුළු පිරිස නිවෙසට පැමිණෙන විට මේ තරුණයා සාරියකින් නිවෙසේ වහලේ ලීයක එල්ලී මියගොස් සිටියදී සොයාගෙන ඇත.

මොහු සතු ගී එකතුවක් වාදනය වෙමින් තිබී ඇති අතර රාත්‍රියේදී එම ගී අසමින්ම ගෙල වැලලාගෙන ඇති බව අනාවරණය වේ.

මෙම තරුණයාගේ මරණ පරීක්ෂණය පුස්සැල්ලාව පොලිසියේ පො. සැ. නිශාන්ත (52038) මහතාගේ මෙහෙයවීමෙන් කඳුකර ඉහළ උතුර හදිසි මරණ පරීක්ෂක ආයුර්වේද වෛද්‍ය ඒ. ඩී. ඩබ්ලිව්. දිඹුල්ගස්තැන්න මහතා විසින් පෙරේදා (3දා) සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පුස්සැල්ලාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රියන්ත ජයසිරි මහතා විසින් පවත්වන ලදී.