ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනය අවසන්

ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය නතර කිරීමට අද (5) පස්වරුවේ තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව සිකුරාදා (6) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත් තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටලුවට ජනපති මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බව පැවසූ බවත් මාරඹගේ මහතා සඳහන් කළේය.