පොලිස් නිලධාරී වැටුප ඉහළට

මේ වසරේදී පොලිස් නිලධාරීන්ගේ වැටුප් සියයට විසිතුනකින් වැඩි වෙයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද එම වැඩිවීම තහවුරු කළේය.

පසුගිය වසරේදී පොලිසියේ වැටුප් සියයට හතළිහකින් වැඩි විය. ඉන් සියයට 17ක් එම වසරේ මැද භාගයේදී හිඟ වැටුප්ද සමඟ ගෙවනු ලැබිණි.

එහි ඉතිරි කොටස වූ සියයට 23 මේ වසරේදී වැඩි වෙයි. තව මාස දෙකකින් පමණ එම වැඩිවීමට අදාළ මුදල් හිඟ වැටුප් ද සමඟ ගෙවනු ලබයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටිති. තවද පොලිසියට සියයට හතළිහකින් වැටුප් වැඩිවීම ප්‍රථම වරට සිදුවූයේ පසුගිය වසරේදීය.