රංගන වාස්ව අභිබවා යයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් දෙවැනි ක්‍රීඩකයා බවට රංගන හේරත් පත්විය. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කයිල් ඇබෝට්ගේ කඩුල්ල දවාගැනීමට ඔහු සමත්වීමත් සමගිනි.

ඒ අනුව හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුුලු 356ක් දවාගෙන ඇති අතර කඩුලු 355ක් දවාගනිමින් චමින්ද වාස් පිහිටුවා තිබූ වාර්තාව ඔහු විසින් බිඳ දමනු ලැබීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන්ය. ඔහු ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන ඇත.(ක්‍රික් ඉන්ෆො දක්වන්නේ 795 ලෙසිනි)
එය ලෝකයේ ටෙස්ට් ක්‍රීඩකයෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවද වෙයි.