රථ වාහන ආනයන වියදම් 41% කින් අඩුවෙලා

ගිය වසරේ (2016) ජනවාරි සිට සැප්තැම්බර් දක්‌වා මාස නවයේදී ශ්‍රී ලංකාවේ රථ වාහන ආනයන වියදම් සියයට 41 කින් අඩුවී ඇත.

මේ අනුව 2015 වසරේ මුල් මාස නවයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1030.9 ක්‌ වූ රථ වාහන ආනයන වියදම ගිය වසරේ (2016) මුල් මාස නවයේදී ඇමරිකානු ඩොලර් මිලියන 607.9 ක්‌ දක්‌වා පහත වැටී තිබේ.

එසේම 2015 සැප්තැම්බර් මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 126.2 ක්‌ වූ රථ වාහන ආනයන වියදම, 2016 සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 60.8 ක්‌ දක්‌වා සියයට 51.9 කින් පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්‌වේ.