ආණ්‌ඩුව රට විකුණනවා

නොයෙකුත් සිද්ධීන් කරලියට ගෙන සමාජ අවධානය ඒ වෙත යොමු කරවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට සහ රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමේ කූඨ උපක්‍රමයක වත්මන් ආණ්‌ඩුව නියෑළී සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

මත්තල වරාය සිද්ධිය, ආගම් අතර ඝට්‌ටඨන, වැට්‌ සංශෝධන එවැනි සිද්ධීන් බව කී උන්වහන්aසේ ආණ්‌ඩුවේ මෙම ක්‍රමන්ත්‍රණය පරාජය කිරීමට ජාති ආගම් පකෂ පාට භේදයකින් තොරව සැවොම එක්‌විය යුතු යෑයිද පැවසූහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ පෙරේදා (14 වැනිදා) කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද කීහ.

රටතුළ බරපතල ප්‍රශ්න රැසක්‌ මතුවෙලා. එක පැත්තකින් රට කලාප ගණනකට බෙදී යැමේ අනතුරක්‌ මතුවෙලා. තවත් අතකින් ගමේ සම්පත් චීනයට, ඉන්දියාවට සහ ඇමරිකාවට විකුණමින් තිබෙනවා. ඒ වගෙම ආගමික ගැටලු, සංස්‌කෘතික ඝාතක කණ්‌ඩායම් හිස ඔසවා තිබෙනවා. රට දරුණු ලෙස ආපස්‌සට යමින් තිබෙනවා.

මීට සති දෙකකට මත්තෙන් අපගේ ස්‌වාමීන්වහන්aසේලා පිරිසක්‌ මහනායක හිමියන් බැහැ දැක ෙත්‍රෙනිකායික මහා නායක හිමිවරුන් එක්‌ව සංඝ ආඥාවක්‌ නිකුත් කර ආණ්‌ඩුවේ ඇස්‌ ඇරවන්න කටයුතු කරන්න යෑයි ඉල්ලීමක්‌ කළා. නමුත් මේ වන තෙක්‌ උන්වහන්සේලා නිහඬතාවයක්‌ අනුගමනය කරමින් සිටිනවා.

මේ ආණ්‌ඩුව මෙහෙයවන කණ්‌ඩායම කිසිවකු දන්නේ නැහැ. ඒ නිසා තත්ත්වය බරපතලයි. ඇමරිකානු ඩොලර් මිලියන දාහකට හම්බන්තොට වරාය චීනයට විකුණන්න තීරණය වෙලා. ඒ සල්ලි අරගෙන දඹුල්ලේ සිට කොළඹට පාරක්‌ හදන්න කටයුතු සූදානම් කර අවසන්.

ඒ වගේම කොළඹ වරායේ දකුණු පර්යන්තය ඉන්දියාවට විකුණන්aන හදනවා. ත්‍රිකුණාමලයේ වරායේ ඇමරිකානු යුද නැවක්‌ මේ වන විට ස්‌ථානගතවී තිබෙනවා. මේ මොකද වෙන්න හදන්නේ. වත්මන් ආණ්‌ඩුව රටේ ස්‌වෛරීත්වය විදේශයන්ට විකුණා දමමින් සිටිනවා.

ආගම්, ජාති අතර ගැටුම් ඇතිකර අනවශ්‍ය ප්‍රශ්න ඇති කර රටේ සම්පත් විකුණා දැමීමට වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අපි මුස්‌ලිම්, දමිළ ලෙස වෙන් නොවී ආගම් ලෙස වෙන් නොවී ආණ්‌ඩුවේ සාහසික උත්සාහය පරාජය කිරීමට එක්‌විය යුතුයි.

ඒ වගේම වාද භේද අමතක කර සියලු ජාතික සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු සැවොම එක්‌වී ආණ්‌ඩුවේ මේ උත්සාහය පරාජය කළ යුතුයි. ආගම් හා ජාතීන් අතර ඇති ප්‍රශ්න අපට පසුව සාකච්ඡා මගින් විස¹ ගත හැකියි. මේ ආණ්‌ඩුව කරන පාලකයන් වත් ඔවුන්ට පාලනය කරන්නේ කවුරුන්ද යන්න දන්නේ නැතිවීම ඉතා බරපතළ කාරණාවක්‌.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය දිලන්ත විතානගේ මහතා මෙසේද කියා සිටියේය.

ආගමික අන්තවාදය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක්‌ රජය පත් කළ යුතුයි. ඒ අනුව බොහෝ කරුණු රජයට හොයා ගන්න හැකිවේවි. මේ රටේ තහනම් කළ යුතු ආගමික සංවිධාන, පොත් රැසක්‌ තිබෙනවා. මේ කටයුත්ත සඳහා අපගේ පූර්ණ සහාය අපිත් දෙන්නම්.