ජනපති ප්‍රකාශය ගැන මා එනතෙක්‌ නිහඬවන්න

තම විදේශ සංචාරය නිමකර ලංකාවට පැමිණෙන තෙක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධව කිසිදු විවේචනයක්‌ හෝ ප්‍රතිචාර දැක්‌වීමක්‌ සිදුනොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‌ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට හා ක්‍රියාකාරිකයන්ට උපදෙස්‌ ලබා දී ඇත.

මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලුම මාධ්‍ය සාකච්ඡා ද වික්‍රමසිංහ මහතා විසින් නවතා දමා ඇත. සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡා තමන් ලංකාවට පැමිණි පසු පවත්වන ලෙස ද එ.ජා.ප මැති ඇමැතිවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්‌ දී තිබේ. සිය විදේශ සංචාරය නිම වී ලබන සිකුරාදා (21 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණීමට නියමිතය.