පිළිකාවට හොදම නැති ආහාර

ප්‍රශ්නය -   පිළිකා රෝගියෙකුට ගැලපෙන ආහාර මොනවද ?

වෛද්‍ය වික්‍රමාරච්චි - පියයුරු පිළිකා විතරක්‌ නොවෙයි මොනයම් හෝ පිළිකාවක්‌ තිබෙන කෙනෙක්‌ කතුරුමුරුංගා, හාල්මැස්‌සන් සහ වෙන් ප්‍රොටීන බහුල ආහාර නොගත යුතුයි. මුලින්ම ගනිමු කතුරුමුරුංගා Sesbiana grandi Flora යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය උතුරු ඔස්‌ටේ්‍රලියාව සහ මැලේසියාව යන රටවල බහුලව වැවෙන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල වගා කරන එළවළුවක්‌. මේ ශාකය තුළ arginine, cysteine, isolcucine, pheniylalanine, tryptophan, valine, alanine theronine, aspartic wï,h" galactose, rhamnose iy qlucuronic අම්ලය, galactose, rhamnose iy qlucuronic අම්ලය අඩංගු වනවා. මෙයින් පළමුවැන්න වන Arginine කියන්නේ ඇමයිනෝ අම්ල වර්ගයක්‌.
ප්‍රොaටීන ජෛව සංලේෂණය කිරීම සඳහා මෙය පාවිච්චි වෙනවා. මෙය ඉතාම පෝෂ්‍යදායක සංඝටකයක්‌. Cysteine කියන්නේ ප්‍රොටීන් වර්ග බොහොමයක ව්‍යqහය තුළ වැදගත් භූමිකාවක්‌ ඉටුකරන සාධකයක්‌. Isoleucine කියන්නේ ප්‍රොaටීනවල ජෛව සංස්‌ලේෂණයට බලපාන ප්‍රධාන ඇමයිනෝ අම්ලයක්‌. මේ ආකාරයෙන් කතුරුමුරුංගාවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ මගින් සිදුවන්නේ පිළිකාවක තිබෙන මාංශමය කොටස්‌ වර්ධනය වී පිළිකාව තව තවත් වර්ධනය වීම විතරයි. ඊළඟට ගම්මු හාල්මැස්‌සා සහ සාලයන් මාළු. මේ දෙකම ප්‍රොටීන් සහ කැල්සියම් බහුල ආහාර. පිළිකාවක්‌ හැදුනු කෙනකු කළ යුත්තේ පිළිකාව වර්ධනය වන ආහාර වලින් සම්පූර්ණයෙන්ම වැළකිලා පිළිකාව දුර්වල වන්නට ඉඩහැර ඖෂධ මගින් එයට පහර දීමයි.

ප්‍රශ්නය - පැෂන්පෲට්‌ කොළ මගින් පිළිකාව හටගන්නා බවට මතයක්‌ තිබෙනවා.

වෛද්‍ය වික්‍රමආරච්චි - ඔව්, එය ඇත්තයි. පැෂන්ෆුට්‌ කොළ පිළිකා කාරකයි. මෙයට ඉංග්‍රීසියෙන් කියන්නේ Carcinogen කියලා. පැෂන් පෘට්‌ කොළ පිළිකා කාරකයි කියල වැඩිපුර කියන්නේ බටහිර වෛද්‍යවරු. මෙය සම්පූර්ණ සත්‍යයක්‌.

ප්‍රශ්නය - පිළිකාවට මඤ්ෙÆක්‌කා ගුණදායකයි කියලා කතාවක්‌ තිබෙනවා.

වෛද්‍ය වික්‍රමආරච්චි - ඇත්තෙන්ම ගුණදායකයි. හැබැයි රසායනික පොහොර නැතිව, ස්‌වභාවික කොම්පෝස්‌ට්‌ පොහොර දමා වගා කළ මඤ්ෙÆක්‌කාවල විතරයි මේ ගුණය තිබෙන්නේ. සමහර රටවල මඤ්ෙÆක්‌කා පිටි වලින් සවු ඇට හදනවා. විශේෂයෙන් ඉන්දියාව මේ වැඩේ කරනවා. ඒ අනුව අපට තර්ක කරන්න පුළුවන් සවු කැඳ පානය කිරීමත් පිළිකාවට ගුණදායකයි කියලා.

ප්‍රශ්නය - කෙනෙකුට පිළිකාව හැදීගෙන එන බව දැනගන්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමාරච්චි - මහාන්ත්‍රයේ පිළිකාවක්‌ නම් මල පහ කරන විට ප්‍රශ්න මතුවනවා. සමහර විට අජීර්ණ තත්ත්වයන් ඇති වීම, පාචන තත්ත්වයන් හටගැනීම යනාදිය විය හැකියි.

ගුද මාර්ගයේ පිළිකා තත්ත්වයන් හටගත් විට මල පහ කිරීමේදී රුධිරය වහනය වනවා.

මුත්‍රා මාර්ගයේ පිළිකාවක්‌ හටගත් විට නිතර නිතර මුත්‍රාශයෙන් මුත්‍රා කාන්දු වීම, මුත්‍රා පිට කිරීමට අවශ්‍යව තිබුණත් නිසි පරිදි එය කර ගැනීමට බැරිවීම, මුත්‍රා කිරීමේදී වේදනාවක්‌ හටගැනීම යන ලක්‍ෂණ පහළ වෙනවා.

මුත්‍රා බොක්‌කේ පිළිකා තත්ත්වයක්‌ ඇත්නම් මුත්‍රා සමඟ රුධිරය පිටවනවා. මේ පිළිකාව හටගන්නේ දුම් බොන්නන්ටයි. මුත්‍රා මාර්ගයේ පිළිකාවක්‌ හටගත්විට ශුක්‍රාණු සමඟ රුධිරය පහවීම සිදුවනවා.

වෘෂණ කෝෂවල පිළිකා තත්ත්වයක්‌ හටගත්විට වෘෂණ කෝෂවල ගෙඩි සහ ගැටිති හට ගන්නවා.

මේ අතර කෙනෙකු තුළ පිළිකා තත්ත්වයක්‌ හට ගනිමින් තිබෙනවා නම් අධික මහන්සියකුත් නිතර ඇතිවන බව කිව යුතුයි.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව