ආදායම අඩු නම් 'වයරිං' නොමිලේ

අඩු ආදායම්ලාභී පවුල්වලට විදුලිය ලබාගැනීම සඳහා නිවෙසේ විදුලි පද්ධතිය ස්ථාපිත කර සකස් කර දීම (වයරිං කිරීම) නොමිලේ සිදු කිරීමට විදුලි බල මණ්ඩලය විසින් කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කීය.

මේ සඳහා අවශ්‍ය සියලු විදුලි උපාංග සියල්ල මණ්ඩලය විසින් සපයනු ලබන අතර, අදාළ වියදම කොටස් වශයෙන් විදුලි බිල සමඟ අය කරගන්නා බවද ඒ මහතා පැවසීය. අඩු ආදායම්ලාභීන්ට විදුලිය බලය ලබාගැනීම සඳහා ණය සහන ක්‍රමයක්ද ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා විදුලිය බලය සෑම නිවෙසකටම ලබා ‍දීමේ ඉලක්කය තව මාස කිහිපයකින් සඵල කරගැනීමට හැකි වෙතැයිද කීය.