උෂ්ණ සමයේ ශරීර උෂ්ණත්වය පාලනය කර ගන්නේ කොහොමද?

මේ දවස්‌වල ලංකාව හැමතැනකම වාගෙ පවතින්නේ උෂ්ණාධික දේශගුණ තත්ත්aවයක්‌. ගොඩක්‌ අයට මේ රස්‌නය ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසාමයි අපි අපේ ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. උෂ්ණාධික කාලෙදි දකින්න පුළුවන් සුලභ කාරණයක්‌ තමයි විජලනය කියන්නෙ. විජලනය නිසා හිස කරැකැවිල්ල, ඇඟපත දුර්වලවීම, වෙහෙස, මුත්‍රා ආසාදන, උදරයේ වේදනාව කියන ආබාධ රැසකටම මුහුණ දෙන්න සිද්ධවෙනවා.

ඒ නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වගේම සුදුසු ආහාර වර්ග ගැනීම තුළින් ශරීරයේ උෂ්ණත්වය සමතුලිතව තබාගැනීමට අපි ක්‍රියා කරන්න ඕනි.
ඒ සඳහා සුදුසු ආහාර වර්ග කිහිපයක්‌ පිළිබඳව අපි ඔබව දැනුම්වත් කරන්න කල්පනා කළා. ඉන් ප්‍රධාන තැනක්‌ ගන්නේ යෝගට්‌ සහ මී කිරි. වෙළඳපොළේ ඉතා අඩු මිලකට ලබාගතහැකි මෙම ආහාර වර්ග දෙක උෂ්ණ කාලයේ ඔබේ ශරීරයේ වියළි බව පාලනය කරන්න ගොඩක්‌ උදව් වෙනවා.

ඊට අමතරව පොල් වතුරත් ගොඩක්‌ ප්‍රයෝජනවත්. ඒ තුළින් ශරීරයට සිසිලසක්‌ වගේම පෝෂක කොටස්‌ රැසක්‌ ලබාගැනීමටත් උපකාරී වෙනවා. පිළිකා නැසීමේ ශක්‌තියකුත් පොල්වතුරවලට තියනවා කියලයි වෛද්‍යවරුන් පවා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම කොළ පැහැති ආහාර වර්ග ද ඔබේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න උපකාරී වෙනවා. ඔබේ ආහාර වේලට වැඩිවශයෙන් රතුළුනු එකතු කරගන්න පුළුවනිනම් ඒකත් මේ ප්‍රශ්නයට විසඳුමක්‌ වේවි.

ඉහතින් සඳහන් කළ කෑම වර්ගවලට අමතරව පිපිඤ්ඤා, මිංචි කොළ, දෙහි යුෂ, පැණි කොමඩු, පුහුල් වැනි ආහාර වර්ගත් වැඩි වශයෙන් මේ කාලයේ ආහාරය සඳහා එකතුකරගන්නවානම් මේ උෂ්ණ සමයේ ඔබේ ශරීරය ආරක්‍ෂා කරගන්න ඒක ලොකු උපකාරයක්‌ වේවි.

අමිල