ඩිල්ෂාන් ක්‍රිකට් පිටියට සමුදීමේ සුදානමක්

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සුදානම් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය අතරතුර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සුදානම් බවයි වාර්තාවන්නේ.කෙසේවෙතත් ඔහු සමුගන්නා බව නිලවශයෙන් ප්‍රකාශ කර නැ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සමඟද දිල්ෂාන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

තිලකරත්න ඩිල්ෂාන් සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකු, පන්දුයවන්නෙකු මෙන්ම විශිෂ්ඨතම පන්දු රකින්නෙකු ලෙසයි.