සීනි මිල නගී

sugar
ලෝක වෙළෙඳ‍පොළේ සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 225 කින් ඉහළ යාමත් සමග රුපියල් 90 කට අලෙවි වූ මෙරට සීනි කිලෝවක තොග මිල රුපියල් 113 දක්වා ඉහළ ගොස් තිබේ.

මතෛක් ඩොලර් 325 කට අලෙවි වූ සීනි මෙට්‍රික් ටොන් එකක මිල ගත වූ මාස කිහිපය තුළ දී ඩොලර් 550 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා පෙන්වා දුන්නේය.

මෙසේ ලෝක වෙළෙඳ‍පොළේ සීනි මිල ඉහළ යාමත් සමග සීනි සඳහා බදු සහනාධාරයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කළ බවද සෙනෙවිරත්න මහතා කීවේය.

මේ වන විට ඉන්දියාව සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවා තිබේ.ඒ අනුව බ්‍රසීලය, තායිලන්තය සහ මැ‍ලේසියාවෙන් ශ්‍රී ලංකාවට සීනි ආනයනය කෙරෙන අතර එසේ ආනයනය කරන සීනි කිලෝවකට රුපියල් 30 ක විශේෂ භාණ්ඩ බද්දක්ද අය කෙරේ.
එසේ වුවද රජයෙන් සීනි කිලෝවක් සඳහා රුපියල් 87 ක උපරිම සිල්ලර මිලක් මේ වන විට පනවා ඇත