හැටන්වල රතු බටු හැදිලා ! - Red brinjals found in Hatton

හැටන් දික්ඔය ප‍්‍රදේශයේ ඉන්වරු වතුයායේ ගෙවත්තක එළවළු වගාව සිදුකළ බටු පාත්තියක එක් බටු ගසක ගෙඩි රතු පාටවී ඇතැයි වාර්තා වේ.මේ රතු බටු ගස ඇත්තේ ජී.එස්. ඥාණරාජ් මහතා ගේ ගෙවත්තේය.

ඔහු පැවසුවේ මීට වසරකට පමණ ප‍්‍රථම වෙළඳ පොලෙන් රැගෙන ආ බටු ඇට තවාන් කර ලබාගත් පැල සිටවූ බවත්, මෙම බටුගසේ හටගත් බටු සම්පුර්ණ රතු පැහැයෙන් යුක්ත බවයි.මේ වන විට එම ගසින් කිලෝ 10 ක පමණ අස්වැන්නක් නෙලාගෙන ඇතිබවත්, එම බටු ගෙඩි වලින් පැල ලබාගැනීමේ අරමුණින් ඇට තවාන් කළත් ඉන් කිසිදු ප‍්‍රතිඵලයක් නොවූ බවද ගෙවත්තේ හිමිකරු පවසයි.

දැනට එම ගසේ බටුගෙඩි දෙකක් පමණක් තිබෙන අතර, ඉන් එක බටුගෙඩියක් අගල් 3 ක් පමණ දිගින් යුක්තය.

ග‍්‍රෑම් 100 ක් පමණ බරින් යුක්ත වෙතැයි ඔවුන් අපෙක්ෂා කෙරේ.


මූලාශ්‍රය හා ජායාරූප - LFN