ඔබ භාවිතා කරන තිසර පටයේ මිල කීයක් උවත් මේ කියන්න යන තිසරපටයනම් ඔබට හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වීමට නියමිත එකක්. වික්ටෝරියා සීක්රට් නම් සුප‍්‍රසිද්ධ කාන්තා යට ඇදුම් නිර්මාණය කරන සමාගමේ නිපැයුමක් ලෙස එළිදක්වා ඇති මෙම තිසරපටයේ මිල සදහන්ව ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් ලෙසයි. එනම් රුපියල් වලින් නම් එය රුපියල් මිලියන 325ක් පමණ මුදකල් වනවා. (එනම් මෙය හැදගෙන සිටින අවස්ථාවක ඔබව පැහැර ගැනීමකට ඇති සම්භාවිතාව අතිශය ලෙස ඉහල යනවා.)
ඇයි මේ තිසර පටය මෙතරම් ගණන් ?
නිල් මැණික්, සුදු/රෝස හා කහ පැහැති දියමන්ති, 5200ක් වන වටිනා තවත් ගල් වර්ග වලින් මෙම තිසරපටය නිමවා තිබෙනවා. ඉතින් මෙවැනි අධික මුදලකට හැරෙන්නට මෙම තිසර පටය වෙන දෙන්නට මිලක් නැහැනෙ. ඉතින් සල්ලි වලට කරන්න දෙයක් නැතුව උඩ බිම බලාගෙන ඉන්න ඔබටත් පුළුවන් මෙවැනි තිසර පටක් ඉල්ලා ඔබේ සැමියාට කරදර කරන්නට.