පසුගියදා ෆේස්බුක්හි පලවූ පින්තූරයක් හේතුවෙන් සිසුවියක් සිය දිවි හානි කරගත් කුරුණෑගල සර් ජොන් කොතලාවල විදුහලේ විදුහල්පති කාර්යාලයේ රහස් කාමරයක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් සොයාගෙන තිබේ.
පාසලේ සිසුන්ගෙන් ලද තොරතුරු මත එම කාමරය සෝදිසියට ලක් කළ අධිකාරිය එම කාමරය ඇතිරිලි දැමු ඇඳකින් සමන්විත බවත් ජනේල නොමැති බවත් එය අඳුරු කාමරයක් බවත් නිරීක්ෂණය කර ඇත.
සිසුන් හෙළ කර ඇත්තේ විවිධ ගැටළුවට ලක් වන දරුවන් කළුවර කාමරයට දමන බව පවසා එම ස්ථානයේ රඳවා තැබීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇති බවයි.