උපත ලද සැනින් HIV වෛරසය සඳහා ප්‍රතිකාර කිරීම තුලින් දෙවැනි වතාවටත් බිළිඳකු සුව කිරීමට ඇමෙරිකාවේ වෛද්‍යවරුන් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බී බී සී පුවත් සේවයට අනුව කැලිෆෝනියා ප්‍රාන්තයේ බිළිඳකු උපත ලැබීමෙන් පැය 4කටපසු පසුවප්රතිරෙට්රාවෛරස ඖෂධ ලබාදී ඇත. එලෙස ප්‍රතිකාර ලබාදුන් බිළිඳාගේ වයස මේ වනවිට මාස 9ක් වන අතර HIV වෛරසය බිළිඳාගේ ශරීරයෙන් සම්පූර්ණයෙන් ඉවත්ව ඇත.මෙලෙස ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පළමු වරට සම්පූර්ණයෙන් සුවය ලැබූ බිළිඳා මිසිසිපි ප්‍රාන්තයෙන් වාර්තා වේ. ඒ වසර 2013 දීය.
බිළිඳුන් දෙදෙනාටම HIV වෛරසය HIV ආසාධිත මවකට දාව උපත ලැබීමෙන් වැළඳී තිබුණි.මේ වනවිට HIV වෛරසය ලොව පුරා මිනිසුන් මිලියන 34කට අධික ප්‍රමාණයකට වැළඳී ඇති බවද මේ අතර වාර්තා වේ.