FaceBook තහනම් නොකර ලිංගික අධ්‍යාපනය දිය යුතුයි

Facebook තහනම් කිරීම නොව වැදගත් වන්නේ ලිංගික අධ්‍යාපනය ලබා දීම යැයි අනෝමා ජනාදරී මහත්මිය පවසයි. ඇය මේ බව පවසන්නේ Facebook තහනම සම්බන්ධයෙන් පසුගිය දා සමාජයේ කතා බහට ලක්වූ කාරණයගැන පුවත් පතකට තම අදහස ලබා දෙමිණි. 

 එහිදී ඇය පවසන්නේ "නූතන තාක්ෂණය අපි ළඟට අවිත් තියෙද්දි අපිට පැනලා දුවන්න බෑ. අපි තාම ලෝකයත් එක්ක සම්බන්ධතා දක්වන්නේ නෑ. 

එහෙම සම්බන්ධතා තිබ්බ නම් අපි දියුණු ජාතියක්. නමුත් ඒ සම්බන්ධතා නැතිවීමත් එක්ක අපි තාම ළිං මැඩියෝ. තාක්ෂණයට තහංචි පනවන්නේ කොහොමද? කව්ද හොඳ කවුද නරක? අද අපේ දරුවෝ තහංචි මැද අවහිරතා මැද තමයි ලෝකය දකින්න උත්සාහ කරන්නේ.


 තවුරුත් ඔවුන්ට ලෝකය දකින්න ඉඩ දෙන්නේ නෑ. එහෙම කරන්නේ අපි ලෝකය නොදැක්ක කුහකකමටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඇත්ත පිළිගන්න වෙනවා. තාක්ෂණය දැකලා පැනලා දුවන්න නෙවෙයි, මේ රටේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ලිංගික අධ්‍යාපනය නොදීමයි මේ විනාශයන්ට හේතුව. අපි දේවල් දැකලා අහලා තැති ගත්තට දැන් ලෝකය දරුවන්ට ඇරිලා තියෙනිනේ. ඒ නිසා තහංචි දැමිමොත් අපිට වෙච්ච දේ දරුවන්ටත් වෙන්න පුළුවන්. ඉඩකඩ තියෙනවා.