මියගිය අමෙරිකානුවෙකු මෝචරියේදී හදිසි යළි උපදියි

මියගිය බවට සලකා අවසන් කටයුතු වෙනුවෙන් මෝචරියක් වෙත යවනු ලැබු පුද්ගලයෙකු යළි පණ ලැබීමේ සිද්ධියක් අමෙරිකාවේ මිසිසිපි ප‍්‍රාන්තයෙන් වාර්තාවනවා. 

78 වැනි වියේ පසුවන වෝල්ටර් විලියම්ස් නම්වු පුද්ගලයාගේ නාඩි පරික්‍ෂා කිරීමෙන් පසු ඔහු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවට නිරේදේශ කර ඇත්තේ ඔහුගේ පෞද්ගලික හෙදිය විසින්.

පසුව ඔහුගේ සිරුර අවමංගල්‍ය ශාලාවකට භාරදි තිබෙනවා. එහිදී පෙට්ටියක බහා සකස් කිරිමට සුදානම් වු අවස්ථාවේ හදිසියේම ඔහු අවධි වී ඇතැයි බී.බී.සී ලෝක ස්වය වාර්තා කළා. අනතුරුව කඩිනමින් රෝහල් ගතකර ඇති එම පුද්ගලයා මේ වන විට ද ජිවත් වන බවයි එහි දැක්වෙන්නේ.
A Mississippi man woke up in a body bag as funeral home workers prepared to embalm him, ABC affiliate WAPT reported. Walter Williams, 78, of Lexington, Miss., appeared to have died at his home Wednesday night. The coroner came to the house and pronounced him dead at 9 p.m.