ගසේ සිටිය අමුතු සතා

සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අඹලන්ද අළුපත්ගල ගම්මානයේදී හඳුනා නොගත් හූනෙකුට සමාන සත්ත්වයෙක්‌ හමුවී ඇත. 

මෙම සතා හූනෙකුට සමාන බවත් සතාගේ ඇඟ පෙදෙස සුදු සහ කළු දාර සහිත වන අතර දිග අඟල් 3 ක්‌ පමණ වේ. ප්‍රදේශයේ වැඩිහිටියන් පවසනුයේ මෙවැනි සතෙක්‌ දුටු පළමු අවස්‌ථාව මෙය බවයි. ප්‍රදේශවාසීන් මෙම සතා ගසක්‌ උඩ සිටිනවා දැක අල්ලාගෙන ඇත. 

මේ සම්බන්ධව මේ වන විට මොනරාගල වනජීවී කාර්යාලයට දැනුම් දී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.