වැල්ලවත්තේ ගණිකා නිවාසයක් වටලයි

වැල්ලවත්ත, හැව්ලොක් පාරේ ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් එම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව ය.

අදාළ කාන්තාවන් අවුරුදු 25 ත් 35 ත් අතර වයසේ පසුවන බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අද දිනයේ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.