එංගලන්තයේ අධ්‍යාපනය සඳහා යවන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල මවුපියන්ගේ දූ දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් මුදල් වංචාකොට වසර නවයක් රටින් පැන සිටි මහ පරිමාණ ජාවාරම්කරුවකු පසුගිය 21දා ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ මේ පෞද්ගලික ආයතනය කොළඹ 04 මෙල්බන් ඇවිනිව්හි ජී.ටී.
ජාත්‍යන්තර පෞද්ගලික සමාගමක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි. ජාවාරම්කරු මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් රෂාක් මොහොමඩ් රිමාන් නමැත්තකු බව පවසන පොලිසිය මොහු 2005 වසරේදී මෙසේ මුදල් වංචාකොට රටින් පැනගොස් සිටි අයකු බවද පැවැසීය.
සැකකරු පිළිබඳ පොලිස් වංචා විමර්ශන අංශයට පැමිණිලි 23ක් ලැබී ඇති අතර එම පැමිණිලිකරුවන්ගෙන් මොහු ලක්ෂ 80ක් ලබාගෙන ඇති බවද පොලිසිය පැවැසීය. සැකකරු පවත්වාගෙන ගිය මේ ව්‍යාජ ආයතනයට ඔබේ දරුවාද රැවටී මුදල් ලබාදී ඇත්නම් කොළඹ වැල්ලවත්තේ පොලිස් වංචා විමර්ශන අංශයට හෝ 0718602585 යන දුරකතන අංකයට හෝ පැමිණිලි කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.