ලංකාව ගැන වසීම්අක‍්‍රම් අනතුරු අගවයි

ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායම ලේසි පහසු කණ්ඩායමක් නොවන බවත් ලබන 8 වනදා පවත්වන ආසියානු කුසලානය අවසන් තරගය පකිස්තානය හා ලංකාව තරග වැදීමේදී විශාල සටනක් දියයුතු බවත් ප‍්‍රවීණ පාකිස්තානු ක‍්‍රිකට් ක‍්‍රීඩක වසීම් අක‍්‍රම් පවසනවා.

 ඔහු පසුගිය බදාදා පාකිස්තානු රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් කියා ඇත්තේ තමාඅෆ්රිඞීගේ ක‍්‍රීඩා විලාසය ඉහළින් අගය කරන බවයි. නමුත් බංග්ලාදේශය 327 ක් ලකුණු ලබා පකිස්තානය විසින් පැරදවූ තරගයේදී බංග්ලාදේශයට 326 තරම් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට පාකිස්තානය ඉඩ සැලසුවේ දුර්වලතා නිසා බවත් ඒවා හදාගත යුතු බවත් ඉදිරි තරගය ලේසි නැති බවත් ඔහු කියනවා.