පාරේ ක්‍රිකට් ගැහුවොත් අත්අඩංගුවට ගන්නවා – පොලීසිය (Video)

මාර්ගවල ක්‍රිකට් ආදී ක්‍රීඩාවල නිරතවන්නන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මාර්ග අවහිර වන පරිදි ක්‍රියා කිරීම තහනම් බව ය.

පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී මාර්ගයක් මත ක්‍රිකට් ක්‍රීඩා කළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු පැවසූ ආකාරයට මාර්ග අවහිර වීම සම්බන්ධයෙන් තහනම් පනවා ඇති කරුණු මෙසේ ය.

1. මාර්ගවල ක්‍රීඩා කිරීම
2. ධාන්‍ය වියළීම සඳහා මාර්ග භාවිත කිරීම
3. සිමෙන්ති මිශ්‍ර කිරීම සඳහා මාර්ග භාවිත කිරීම
4. මාර්ගවල රථවාහන සේදීම
5. මාර්ග අවහිර වන පරිදි ක්‍රියා කිරීම