හයිවේ බස් ගාස්තු අඩු කරලා

අධිවේගී මාර්ගවල බස් ගාස්තු එකම ප‍්‍රමිතියක් යටතේ ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනූව මහරගම ගාල්ල හා කඩුවෙල ගාල්ල දක්වා රු. 420ක එකම ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇතැයි ලංගම උප සභාපති එල්. ඒ. විමලරත්න මහතා පැවසීය.එසේම අධිවේගී මාර්ගයේ මාතර දක්වා කොටස විවෘත කිරීමෙන් පසුව මහරගම සිට මාතර දක්වා හා කඩුවෙල සිට මාතර දක්වා රු. 500ක සම ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇත.

මෙම නව ගාස්තු අද (12* දින සිට ක‍්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.මීට පෙර මහරගම සිට ගාල්ල දක්වා ගාස්තුව රුපියල් 500ක් ලෙස අය කෙරුණි.ඉකුත් 8 වැනිදා කොළඹ පිටත වටරවුම් මාර්ගය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු කඩුවෙල සිට ගාල්ල දක්වා ද නව බස් සේවාවක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.