පිළිකා මර්දනයට තේ

තේවල පිළිකා මර්දනය කිරීමේ විශේෂ ගුණයක් තිබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කරන ලද පර්යේෂණයකින් හෙළිව ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය. තේවල අන්තර්ගත කැටෙචන් නැමැති රසායනිකය තුළ පිළිකා ෙසෙල මර්දනය කිරීමේ හැකියාව පවතින බව කොළඹ නාලන්දා විද්‍යාලයේ රකිත මා‍ලේවන සිසුවා විසින් සොයා ගැනීමත් සමග ඒපිළිබඳව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ සිදුකර එය තහවුරු කර ගත් බව අධ්‍යක්ෂවරයා පැවැසීය.

තේවලින් කැටෙචන් නැමැති රසායනිකය වෙන්කර එය සාන්ද්‍රකර පිළිකා ෙසෙල තුළට ඇතුළු කිරීමේදී එම ෙසෙල විනාශ වූ බව පෙනී ගිය බවත් එම රසායනිකය තොරාගෙන ඉදිරියේදී පිළිකා ෙසෙල විනාශ කරන ඖෂධයක් නිපදවීමට කටයුතු කරන බවද හෙතෙම පැවැසීය.

නාලන්දා විද්‍යාලයේ මෙම ශිෂ්‍යයාට ලංකාවේ හොඳම ශිෂ්‍ය පර්යේෂණය සඳහා වන සම්මානය ලැබි ඇති බවත් පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකාවට යාමට මේ වන විට ඔහුට ශිෂ්‍යත්වයක්ද ලැබි ඇතැයි අධ්‍යක්ෂවරයා පැවැසීය.