කාවිංගගෙත් කසාදෙ හරි

කසාද නොබැඳ, නංගිවත් බලාගෙන ඉන්නවා කියලා ටෝක්ස් දීලා තැන් තැන්වල නිදහසේ වෝක් දාපු කාවිංග ඔන්න විවාහ වෙන්න තීරණය කරලා.

කාවිංග කියන විදියට දැන් එයාගෙ නංගිටත් හොඳ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් මීට් වෙච්ච නිසා එයා දැන් ටිකක් නිදහස්ලු. ඒ නිසා එයාටත් හිතුණලු කසාදයක් බැඳගෙන පිළිවෙළක් වෙන්න.කාවිංග හැබැයි ඔය කොච්චර කතා කිව්වත් කාවද බඳින්න යන්නෙ කියල නම් තාම හෙළි කරලා නෑ.

නදීශාට දේශපාලනය තහනම්

දීශයි - බතීෂයි ගැන පහුගිය කාලෙ අන්තර්ජාලයේ එක එක ජංජාල පළ වුණා කියලා ලොකු පොඩි සැමට අමතක වෙන්න විදිහක් නෑනේ.

කොහොම වුණත් ඔය නදීශයි - බතීෂයි ගැන අන්තර්ජාලයේ පත්තු වෙච්ච අන්තර් ජංජාල මල්ටි බැරල්වලට නොදෙවෙනිව අලුතින්ම පත්තු වෙන කාලබෝම්බෙ තමයි ‘නදීශාට දේශපාලනය තහනම්’ කියන එක.

දේශපාලනයෙන් ඉවත් වන්නැයි මහින්දට බලපෑම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සක්‍රිය දේශපාලනයෙන් ඉවත්වන ලෙස ප්‍රබල රටක තානාපති කාර්යාලයක්‌ සහ අසල්වැසි රටක බුද්ධි අංශයක්‌ විසින් බලපෑම් එල්ලකර ඇතැයි වාර්තා වේ. ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානියකු වෙන වෙනම හමුවී අදාළ අංශ දෙක මෙම දැනුම්දීම කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බැවින් ඔහුගේ ගෞරවය පිණිස මෙම ඉල්ලීම සිදුකරන බවත් එය මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දෙන ලෙසත් ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානියා හමුවූ ඉහත පුද්ගලයන් දැනුම්දී ඇත.

මුත්‍රා ගල්ද? මෙන්න නොවරදින පිළියම්

මුත්‍රාගල් ඇතිවීම සහ පිත්තාශය ආශ්‍රිතව ගල් ඇතිවීම වර්තමානයේ ජනතාව අතර ඉතා සුලබ රෝගී තත්ත්වයක්‌ බවට පත්ව ඇත. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් ඒ සඳහා ඉදිරිපත් කර ඇති අති සාර්ථක ප්‍රතිකාර නිසා බොහෝ රෝගීන් එම ප්‍රතිකාර ක්‍රමවලට යොමුවීමෙන් තම රෝගී තත්ත්වයන් නිරෝගී කර ගැනීමට සමත්ව ඇත. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල පවතින විස්‌මිත බව සහ මුත්‍රාගල් මෙන්ම පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් පිළිබඳවද විද්‍යානුකූලව දැනුමක්‌ අවබෝධයක්‌ ලබාගැනීම ඉතා වැදගත්ය. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමග කළ පිළිසඳර මෙසේ පළ කරන්නෙමු.

සෙම් රෝග නසන කහට මල් පානය

ගායන ශිල්පී රෝයි පීරිස් සමුගනී

Singer Roy Peiris passes awayප්‍රකට ගායන ශිල්පී රෝයි පීරිස් මහතා හදිසි හෘදයාබාධයක් නිසා අද අභාවප්‍රාප්ත වුණා. අද(21) උදෑසන ඇතිවූ රෝග තත්වය මත මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන්
කළේය.
“මා දෑසේ වේදනා“ “ඔබ නෑසූ කතාවක් කියන්නම් ලදේ“ “වාලුකා තලෙන්“ “හද ආදරේ පුබුදා“ අම්මේ යන්න එපා දුරු රටකට , ආදි ගීත රැසක් ගායනා කර ජනප්‍රියවූ ගායකයෙකි. ඔහුගේ ගීතයක් පහතින්

සෝභිත හිමිගේ සුපිරි රථය අතුරුදන්ලු

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් භාවිත කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථය අතුරුදන් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මිරිහාන පොලීසිය ඒ පිළිබඳව විමර්ශන මෙහෙයවන බවයි.

සරත් කුමාර ගුණරත්නට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇප මත මුදාහැර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරගේ නියෝගයකට අනුවයි.

මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘති මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සරත් කුමාර ගුණරත්න සුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ කාලගුණය සිරුරට අහිතකරයි

මෙම දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය ශරීරයට ඉතා අහිතකර බැවින් ශීත කාමරවල සේවය කරන පිරිස්‌ ඉන් වැළකීමට වැඩි වශයෙන් පිරිසිදු ජලය පානය කළ යුතු බව කොළඹ ජාතික අක්‌ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මොහොමඩ් රිෆස්‌ මහතා ඊයේ (19 දා) පැවැසීය.

එසේම දැඩි අව් රශ්මිය පවතින මෙම කාලයේ එය දෑස්‌වලට අහිතකර බැවින් ගමන් බිමන් යැමේදී ප්‍රමිතියෙන් යුතු අව් කණ්‌නාඩියක්‌ පැළඳගෙන ගමන් කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Facebook හරහා කාන්තාවන් රැවටු විදේශිකයා මාට්‌ටු

මුහුණු පොතෙන් මිතුරු වී ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් අටලක්‍ෂ හැටපන්දහසක මුදලක්‌ ලබාගෙන වංචා කිරීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කෙරුණු නයිජීරියානු ජාතික තරුණයකුව ලබන 20 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා පසුගියදා නියම කළේය.