ජනපති, මංගලගේ ගැසට් නිවේදනය අවලංගු කරයි.

මත්පැන් සඳහා කාන්තාවන්ට පනවා තිබු වාරණ ඉවත්කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත්කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගකර ඇත.

අද (14) අගලවත්තේ පැවති ශ්‍රීලනිප ප්‍රචාරක රැලියකදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

...........................................
කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක්:

වසර හැටකට අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද කාන්තාවන්ට පනවා තිබු වාරණය අහෝසිවිය.එසේම ඉන් වයස අවුරුදු 18 ට ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට ද රජය තීන්දු කර තිබේ.

ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවිය.කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව රජය පැවසීය.අදාළ නීතිය සංශෝධනය කෙරුණු බව බදාදා (ජනවාරි 10) නිවේදනය කෙරෙනු අතර ඒ අනුව මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීම සඳහා ද කාන්තාවන්ට පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවිය.