පියුමි හංසමාලි ජැක්සන් සමග ඉන්දීය සිනමාවට

ලංකාවේ අන්තර්ජාල තාරකාවක් ලෙස පුකට නමක් දිනා සිටින පියුමි හංසමාලි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර්ගේ ‘ලක්නව්‘ නමැති ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිබේ. එහි ප්‍රධාන නළුවා ලෙස ලංකාවෙන්ම ජැක්සන් ඇන්තනිව තෝරාගෙන තිබෙන අතර මේ සම්බන්ධ මුහුරත් උළෙලට සහභාගී වීම සඳහා ජැක්සන් හා පියුමි පසුගියදා ඉන්දියාවේ සංචාරයකද නිරත විය.මෙම චිත්‍රපටය ඉදිරියේදී නිර්මාණය කරන්නට නියමිත එකකි.


මේ ගැන අදහස් දක්වමින් පියුමි හංසමාලී සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ,

මේ චිත්‍රපටයට තමාව තෝරාගැනීම ගෞරවයක් බවයි.තමන්ගේ සිහිනයක් සැබෑ වූ බවත් ලංකාවේ සිනමා දැවැන්තයෙකුවූ ජැක්සන් ඇන්තනි සමග එකට රඟපෑමට අවස්ථාව ලැබිමද භාග්‍යයක් බවයි.

මේ සඳහා උදව් කළ නිෂ්පාදිකා බීනා උනික්‍රිෂ්ණන්ට හා අධ්‍යක්ෂක අනිල් කුමාර්ට සිය ස්තූතිය පළ කරන ඇය දන්වා සිටින්නේ 1992 දී යසෝධා විමලධර්ම ඉන්දීය චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමෙන් අනතුරුව ලංකාවේ කෙනෙකු මෙවැනි තැනකට පත්ව ඇත්තේ දෙවැනි වතාවට බවයි.