බැඳුම්කර කොමිසමේ වාර්තාව මෙන්න

මහබැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අද (30දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබිණි.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වා ඇති අතර කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.