ඩීසල් පෙට්‍රල් මිල අඩුවෙයි?

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරි දින කිහිපයේදී තෙල් මිල අඩු කිරීම සඳහා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඉදිරි මැතිවරණය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය 26වැනිදා කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 7,729ක්ද, සැප්තැම්බර් මාසයේදී රුපියල් මිලියන 9,630ක්ද වන බවයි.

ඊයේ (31දා) ඛනිජතෙල් අමාත්‍යාංශයේදී තොග සමාලෝචන කමිටුව(stock review committee meeting)රැස්වී ඇති අතර, එහිදීද මේ බව සාකච්ඡා වී තිබේ.

ඒඅනුව ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට තීරණය වී ඇත.