“මිනිස්සු හරි ආසයි තව කෙනෙක් අඬනවට ” – ශලනි හඬ අවදි කරයි

රංගන ශිල්පිණී ශලනි තාරකා ගැන පසුගිය දවස්වල සමාජජාල මාධ්‍යයන්වල පැතුරුණු කතා එතරම් හොඳ ඒවා නොවේ.ඇය සමාජජාල මාධ්‍යයන්ට යොමු කරන ඡායාරූපවලට පවා නොයෙකුත් දෙනා විවිධ ප්‍රහාර එල්ල කළා.ඒ දසුන් නිෂාන්ගේ මියයාමත් සමගයි.

ඒ සිදුවීම මුල්කර ගනිමින් ශලිනි තාරකාගේ පෞද්ගලික ජීවිතයට ප්‍රහාර එල්ල කළද අද වනවිට ඒ සියලු දේවල් ජයගනිමින් ඇය සිය ජීවිතයට මුහුණ දී තිබෙනවා.

සිදුවූයේ කුමක්ද ? සිදුව තිබුණේ කුමක්ද? යන්න පිළිබඳව කිසිවක් නොදැන සිටින පිරිසක් ඇයව මේසේ විවේචනයට ලක් කීරීම සාධාරණ වූ කරුණක් නොවන බවනම් මේවන විට බොහෝ දෙනා දන්නා කරුණකි.

පසුගියදා ශලනිගේ 27 වන උපන්දිනය යෙදී තිබූ අතර රසිකයෙකු දැමූ අදහසකට ඇය ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

‘‘මිනිස්සු හරි ආසයි තව කෙනෙක් අඩනවට වැටෙනවට හැබැයි මං වෙනුවෙන් දුක් විදපු පිරිසක් පහුගිය කාලෙම හිටියා ඒ අය වෙනුවෙන් අද මං ශක්තිමත් වෙලා ඉන්නවා මං නැගිටින්න ශක්තියක් කරගත්තේ.සමහර මිනිස්සු මට ගහපු ගල්මයි..‘‘ලෝකයා දහසක් කතා කිව්වත් තමන් මූන දෙන්නේ තමන්ගේ හෘද සාක්ෂියට විතරමයි..‘‘