විදුලි මෝටර් රථ බද්ධ සංශෝධනය වෙයි

නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු බදු සහනය, වසරක් දක්වා භාවිත කළ විදුලි මෝටර් රථ සඳහා ද ලබා දීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (15) නිකුත් කෙරෙන බව මුදල් අමාත්‍යංශ ආරාංචි මාර්ග සඳහන් කළේය.

නවතම විදුලි මෝටර් රථ සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් ලක්ෂ 10 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා මෙවර අයවැයෙන් යෝජනා කර තිබුණි.

කෙසේවෙතත් වාහන ආනයනකරුවන් පෙන්වා දුන්නේ නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් අදාළ බදු සහනය හඳුන්වා දීම ඵලදායී නොවන බවයි.

වාහන ආනයනකරුවන් ඉදිරිපත් කළ එම තත්ත්වයන් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව අදාළ බදු සහනය යළි සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන්ය.

අමාත්‍යංශය ගෙන ඇති මෙම තීරණය පිළිබඳ මෝටර් රථ ආනයනකරුවන් ප්‍රසාදය පල කරයි.