තාත්තාගේ අතින් පරවුණු දියණියට අවුරුදු 4 ක දරුවෙකුත්

තාත්තා විසින් දූෂණය කරපු දුවට මේ වෙද්දි අවුරුදු 04ක දරුවෙකුත් ඉන්නවා – විනිසුරුවරයා තාත්තාට දුන් නඩු තීන්දුව මෙන්න

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉලන්චේලියන් විසින් පසුගියදා දැරියක දූෂණය කළ සිව් දරු පියෙකුට අවුරුදු 15ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙම අපරාධය කර තිබෙන්නේ 2012 වසරේ ජූලි මාසයේදී.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන අවස්තාවේදී රජයේ නීතිඥවරයා කියා ඇත්තේ විත්තිකරුට එරෙහි චෝදනාව ඔප්පු වී ඇති බවයි.

ඒවගේම දූෂණයට ලක් වූ දැරියට මේ වනවිට එකී දූෂණය හේතුවෙන් අවුරුදු 4ක දරුවකුද සිටින බව පැවැසූ නීතිඥවරයා දැරියගේ ජීවිතය විනාශ කළ විත්තිකරුට එරෙහිව දිය හැකි උපරිම දඩුවම ලබා දෙන ලෙස ද අධිකරණයේදී ඉල්ලා තිබෙනවා.

අපරාධකරුට එරෙහි දඬුවම ප්‍රකාශයට පත් කළ විනිසුරු ඉලන්චේලියන් අවුරුදු 15ක සිර දඬුවම ට අමතරව රුපියල් 30,000ක දඩ මුදලකුත් එය නොගෙවන්නේ නම් තවත් මාස 18 ක සිර දඬුවමකුත් දැරියට ලක්ෂ 6ක වන්දියකුත් එය ගෙවිමට නොහැකිනම් තවත් මාස 8ක සිරදඬුවමකුත් නියම කර තිබෙනවා.