2017 ලෝක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

ඊයේ (18) චීනයේ පැවැත්වුණ 2017 ලෝක රූ රැජිණ තරගයේදී ජයග්‍රාහිකාව ලෙස කිරුළ දරන්නට ඉන්දියාව නියෝජනය කළ මානුෂී චිලර් නමැති තරගකාරිය සමත්වූවාය. දෙවැනි තැන මෙක්සිකෝවටද තෙවැනි තැන එංගලන්තයටද හිමි විය.

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙන් පැමිණි මානුෂී වෛද්‍ය සිසුවියක ලෙස භගාත් පූල් ඉන්දීය රාජ්‍ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින 20 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය සම්භාව්‍ය නර්තනයට දස්කම් දක්වන්නියකි.
අනාගතයේදී හෘද රෝග විශේෂඥ වෛද්‍යවරියකවී ගම්බද රෝගීන් වෙනුවෙන් සේවා සැලසීම ඇගේ අනාගත බලාපොරොත්තුව ලෙස නම් කර තිබුණී.ෆෙමිනා මිස් ඉන්දියා තරගය ජයගැනීමෙන් පසු ඇයට ලෝක රූ රැජිණ තරගය නියෝජනය කිරීමට අවස්ථාව උදාවිය.

මින් ඉහත 1994 අයිශ්වර්යා1997 ඩයනා හේඩන් 1999 යුක්තා මුකී 2000 ප්‍රියංකා චොප්රාගෙන් පසුව 2017 ලෝක රූ රැජිණ කිරුළ ඉන්දියාව නැවත නතුකරගත්තේ වසර 17 කට පසුවයි.
මෙවර තරගාවලියට ලෝකයේ රටවල් 108 ක් සහභාගී වූ අතර ලංකාව නියෝජනය කරමින් සහභාගීවූයේ දුෂේනි සිල්වා තරගකාරියයි. ඇයට එහි අවසන් 40 දෙනාගේ ප්‍රාථමික වටයට හෝ කිසිදු උප තරගයකින් හෝ ජයගැනීමට හැකිවූයේ නැත.

තරගයේ අවසන් 3 දෙනා තේරූ අවස්ථාවේ වීඩියෝවක් පහතින්