මාලිංග එක්දින තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.

මෑත කාලීනව ඔහු එක්දින පිටියේදී දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මෙසේ කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත.

මේ අතර කෙණ්ඩයේ ආබාධයකට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස්ටද එක්දින තරඟාවලිය අහිමි වී තිබේ. එසේම ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකිවී තිබේ.

නමුත් ලසිත් මාලිංග පාකිස්තානය හා පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට සම්බන්ධ කර ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව නම් කළ පළමු එක්දින සංචිතය මෙය වෙයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය - උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා,
නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න,සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමිර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ